නවතම පුවත්

නව කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට ගත වෙන කාලය ගැන පිලිතුරක් දෙන්න බෑ WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට කොපමණ කාලයක් ගතවේද යන්න සෑම කෙනෙකුම හරියටම දැන ගැනීමට අවශ්‍ය වුවත්, ඒ සඳහා ඔවුනට පිළිතුරක් දිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිචාරයේ තාක්ෂණික නායක, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය වෙත සම්බන්ධ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට එන්නතක් සහ එය වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව ඇය සාකච්ඡා කළාය.

” එන්නතක් නිපදවීම වේගවත් කිරීම සඳහා ඖෂධ නිෂ්පාදකයන්, විද්‍යාඥයන්, නායකයන් ඇතුළු ගෝලීය ප්‍රජාව එකට එකතු වී සිටිනු අපට දකින්නට ලැබෙනවා. සෑම කෙනෙකුම හරියටම දැන ගැනීමට අවශ්‍ය වන්නේ ඊට කොපමණ කාලයක් ගතවේද යන්නයි. එනම් මේ අධ්‍යයනයන් සිදු කිරීමට, මේ සායනික අත්හදා බැලීම් සිදුකිරීමට, එය ආරක්ෂිත හා ඵලදායී දැයි බැලීමට අවශ්‍යයි. නමුත් අපට එයට පිළිතුරක් දිය නොහැකියි.” වැන් කෙර්කොව් පවසා සිටියාය.

වැන් කෙර්කොව් තවදුරටත් පැවසුවේ, “පෘථිවියේ සිටින සෑම කෙනෙකුටම එයට ප්‍රවේශය ඇති බව අප විසින් සහතික කළ යුතුයි. එබැවින් මේ වෛරසය තව කාලයක් අප සමග සිටිනු ඇති. ඒ අනුව අපේ ජීවිතවලට, අපේ දෛනික ජීවිතය නැවත ලබා ගැනීමට, සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට අපට ක්‍රමයක් සොයා ගත යුතුයි” යනුවෙනි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්