නව කොරෝනා වෛරසය පැතිරීම අවම වූ විට පමණක් පාසල් විවෘත කරන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය ප්‍රජාව අතර පවතින විට සහ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීම වැඩිවූ විට,

ළමයින් එම වෛරසයට නිරාවරණය වෙමින්, ළමයින් සම්ප්‍රේෂණ චක්‍රයේ කොටසක් විය හැකි බැවින්,

ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීමෙන් පසුව පමණක් පාසල් විවෘත කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික්

රයන් ඊයේ (13දා) ජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළේය.

 

“ප්‍රජා සම්ප්‍රේෂණය පවතින විට සහ ප්‍රජා සම්ප්‍රේෂණය තීව්‍ර වූ විට ළමයින් එම වෛරසයට නිරාවරණය

වන අතර ළමයින් සම්ප්‍රේෂණ චක්‍රයේ කොටසක් වනු ඇති.” වෛද්‍ය රටයන් පැවසීය.

පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීමයි.