නව කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ අරඹයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් රාජධානියෙන් වාර්තාවී ඇති නව කොවිඩ් වෛරස් ප්‍රභේදය පිළිබඳ සොයාබැලීමට , ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ පර්යේෂණයක් ආරම්භ කර ඇත .

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ , එක්සත් රාජධානි බලධාරීන් සමග සමීපව සම්බන්ධ වෙමින්, නව වෛරස් ප්‍රභේදය පිළිබඳව මෙම පර්යේෂණ කරන බවය.

මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයට වඩා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි ප්‍රකාශ කර ඇත

සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ, ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද, දැනට පවතින වෛරසයට වඩා නව වෛරස් ප්‍රභේදය මාරාන්තික නොවන බවය .