නවතම පුවත්

මෙරට ජනතාවට  කොරෝනා එන්නත දෙන්න රජය බිලියන 10ක ණයක් සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරසයට එරෙහි ’ එන්නත මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක ණය මුදලක් අපේක්ෂාවෙන් රජය, ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමයෙන්ද මේ සඳහා  අරමුදල් ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන්  රජය අවධානය යොමු කර ඇති බවද  වාර්තාවේ,.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් කෙරෙන ජාත්‍යන්තර එන්නත් වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20කට එන්නත ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය දැනටමත් දැනුම් දී ඇත.
ආනයනය කරන එන්නත සහ එහි පිරිවැය ඵලදායීතාව මත අදාළ එන්නත් ආනයනය කිරීමේ වියදම තීරණය වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්ය වෙත ඊයේ පවැසීය.
ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීම, එන්නත් මිලදී ගැනීම සඳහා ප්‍රදානයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද  හෙතෙම කීය.
එන්නත් මිලදී ගැනීම සහ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී වැඩි වියදම් දැරීමට සිදුවනු ඇත්තේ ඍණ උෂ්ණත්ව තත්ත්ව යටතේ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියට යැයි ද ඔහු කීවේය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්