නවතම පුවත්

නව කොවිඩ් ප්‍රභේද රට තුල පැතිර ඇතිදැයි සෙවීමට විශේෂ පරීක්‍ෂණයක් ඇරඹේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල් යොදා ගනිමින් මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන ජාන අනුක්‍රමණ පරීක්ෂණ හෙට සිට ආරම්භ කරනු ලබන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  මාධ්‍ය වෙත පැවසීය ..

මිට අමතරව විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ද ඇතුළු මුලතිව්, වව්නියාව, කොළඹ, වරකාපොළ, යාපනය, සපුගස්කන්ද ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතවූ පුද්ගලයින්ගේ සාම්පල් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය වෙත ලැබී ඇති බවද  වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටියේය

මෙම පර්යේෂණය සඳහා දින 7ක් සහ 10ක් අතර කාලයක් ගතවන බවත් එහිදී මේ වන විට ව්‍යාප්තවන කොරෝනා ප්‍රභේදයන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගත හැකි බව ඔහු සඳහන් කර සිටියේය

විදේශ රටවල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයන් කිහිපයක් විදේශගතව සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි පුද්ගලින්ගේ වෛරස් සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේය .

මේ අතර කොවිඩ් එන්නත ලබාදීම සිදුකල පුද්ගලයින් 2000ක ගේ පමණ රුධිර සාම්පල් නියැදියක් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පර්යේෂණ සිදුකරමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි