නව කොවිඩ් ප්‍රභේද හමුවෙලත් බලධාරීන්ගේ සැළකිල්ල මදි 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

-වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමය
පැතුම් වික්‍රමරත්න
මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරට ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති තත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ‍සෞඛ්‍ය බළධාරීන් දක්වන සැළකිල්ල ප්‍රමාණවත් නොවන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කර සිටී .
ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත් ලක්ෂ 05 න් මේ වනවිට ඉතිරිව ඇති 60,000 ක මාත්‍රා ප්‍රමාණයෙන් රටම ගලවා ගත නොහැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය
නව ප්‍රභේද ව්‍යාප්ත වීම හේතුවෙන් රටම ලොක්ඩවුන් කළයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබියදී එවැනි අවශ්‍යතාවයක් නොමැති බවට බළධාරීන් පවසා තිබීමෙන් ඔවුන් ‍නව ප්‍රභේදය කෙතරම් සරල ආකාරයෙන් සළකන්නේද යන්න පෙනී යන බවද ඔහු සඳහන් කර සිටී
ඉතා සීමිත මාත්‍රා ප්‍රමාණයක් තබා ගනිමින් එන්නත කෝකටත් තෛලය බවට පත්කර නොගෙන රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා කඩිනමින් පියවර ගතයුතු බව ඔහු අවධාරණය කර සිටී .