නව තෙල් පිරිපහදුව ලංකා ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් – ගම්මන්පිල

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බැරල් ලක්‍ෂයක  ධාරිතාවයකින් යුත් නව තෙල් පිරිපහදුවක් ඉදිකරමින් මෙරට   ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටී

ඒ අනුව මෙම ව්‍යාපෘතිය BOT හෙවත් ඉදිකර මෙහෙයුම් කර නැවත පැවරීමේ ව්‍යාපෘතියක් ලෙස දියත් වන බවත්, මේ සඳහා ආයෝජනය කරන විදෙස්  අ‍ායෝජකයා තමන්ගේ පිරිවැය සහ ලාභය අත්පත් කරගත් පසුව යම් නිශ්චිත කාලයකදී ඉන්ධන පිරිපහදුම්වල  ශුද්ධ අයිතිය තෙල් සංස්ථාවට හිමිවන බවත් ඇමතිවරයා මාධ්‍ය වෙත පවසීය්

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3000 ක මුදලක් වැයවන බවත් ණය බරින් මිරිකී සිටින තෙල් සංස්ථාවට සහ රජයට මෙම අතිවිශාල මුදල ආයෝජනය කළ නොහැකි බවත්  අනිවාර්යෙන්ම මේ සඳහා විදෙස් ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට සිදුවන බවත්  ඔහු පෙන්වා දෙ

ආයෝජකයෙකු ගෙන්වා ගැනීම සඳහා 1961 අංක 28 දරන ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට සිදුවන බවත්, මෙය කිසිසේත්ම තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී