නවතම පුවත්

නව දිල්ලියේ වායු දූෂණයට විකල්පයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ද බලපෑම් ඇති කළ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායූ දූෂණය මැඬලීම සඳහා ඉන්දීය විද්‍යාඥයන් නව විකල්පයක් යොදාගැනීමට සැරසෙයි.

ඒ, වැසි වළාකුළු සක්‍රිය කිරීම සඳහා වැසි බීජ ඊට මුසු කිරීමය. 

ඉන්දියාවේ කාන්පූර්හි ඉන්දිය තාක්ෂණික ආයතනයේ විද්‍යාඥ මනින්ද්‍රා අග්‍රවාල් සඳහන් කළේ, ලබන 20 වැනිදා වනවිට දිල්ලියේ ඉහළ අහසේ පුළුල් වළාකුළු ආවරණයක් අපේක්ෂා කරන බවත් ඊට වැසි බීජ එක් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. 

සිල්වර් අයඩීන් ඇතුළු ලුණු වර්ග මිශ්‍රණයක් මෙලෙස වැසි බීජ ලෙස වළාකුළුවලට එක් කෙරෙන අතර, වර්ග කිලෝමීටර 100ක ප්‍රදේශයක වළාකුළු සක්‍රිය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටියක් පමණ වැය වන බව සඳහන්ය. 

මිලියන 20ක ජනගහනයක් වෙසෙන දිල්ලියේ ගුවන් කලාපය දළ වශයෙන් වර්ග කිලෝමීටර 1500ක් පමණ වෙයි. 

ලොව වායු දූෂණය ඉහළම නගරයක් වන නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම සඳහා පාසල් තාවකාලික ව වසා දැමීම, ඉදිකිරීම් අත්හිටුවීම මෙන්ම වාහන භාවිතයට සීමා පැනවීම ඇතුළු පියවර රැසක් ගෙන තිබේ.

දිල්ලියේ වායු දූෂණ මට්ටම අද 506ක් ලෙස සටහන් වූ අතර, එය අනතුරුදායක අගයකි.

වායු දූෂණය සෝදා හැරීමට නම්, දිල්ලියට දැඩි වර්ෂාවක් අවශ්‍ය වන අතර, මද වැස්සක තත්ත්වය එය තවදුරටත් අයහපත් කරනු ඇති බව ඇතැමුන් ගේ අදහස වී තිබේ.

කෙසේ නමුත් මෙක්සිකෝව, අමෙරිකානු එක්සත් ජනපදය, චීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් සිය වායු දූෂණය මැඬලීමට මෙන්ම බෝගවලට ජලය සැපයීම සඳහා මීට පෙර කෘත්‍රීම වැසි වැස්වීමේ තාක්ෂණය භාවිත කර තිබූ බව සඳහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්