නවතම පුවත්

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මෙරට ළාබාළතම ඉංජිනේරු විද්‍යා මහාචාර්යවරයාට බාරවෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකු වන හල්වතුර මහතා 2017 වසරේදී ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලබන තුන්වන ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ලාබාලතම මහාචාර්යවරයා වන රංගික හල්වතුර මහතා ප්‍රායෝගික නව නිර්මාණශිල්පියෙකු ලෙස නිර්මාණකරණයේ යෙදේ.

එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස මහාචාර්ය දයාල් ප්‍රේමකුමාර ද කොස්තා සහ යසස් චන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා