නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර සිටී .
, නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් වාර්තාවන අසාදිත හා මරණ මත පදනම්ව අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත ..
මේ වන විටත් නව කොරෝනා ප්‍රභේදය සමස්ත බ්‍රිතාන්‍ය පුරාම ව්‍යාප්තව ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙ.
බ්‍රිතාන්‍යයේ සීඝ්රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා එරට මාධ්‍ය වෙත ඊයේ පැවසුවේය.
පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කර තිබේ.
ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ.