මෙරට 35 වැනි පොලිස්පතිවරයා පිළිගැනීමට පොලිස්පති කාර්‍යාලය මුලුමනින්ම සූදානම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව හිටපු පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීය.
ඉන් පසුව වසර එකහමාරකට අධික කාලයක් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පොලිස්පති ධුරයේ රාජකාරී කළ ද මෙම කාර්යාලය ඔහු විසින් භාවිත කර නැත.
ඒ අනුව මෙම කාර්යාලයට පොලිස්පතිවරයකු ඇතුළු වන්නේ වසර එකහමාරකට පසුවයි.
මේ වන විට විවස්ථාදායක සභාව වෙත නව පොලිස්පතිවරයාගේ නම නිර්දේශ කර යවා ඇති බවද ලබන සතිය වන විට නව පොලිස්පතිවරයාගේ පත් කිරීම සිදුවනු ඇති බවද වාර්තා වේ.