නවතම පුවත්

නව පොලිස් මූලස්ථාන සංකීර්ණය අත්තිඩියට ගෙන යාමට අනුමැතිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අත්තිඩිය පාර බෙල්ලන්තොට හංදිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොලිසිය සතු අක්කර 14ක පමණ භුමියක නව පොලිස් මුලස්ථානය ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව නව පොලිස් මුලස්ථාන සංකිර්ණය දෙහිවල අත්තිඩිය පාර ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට පොලිස් මුලස්ථානය යෝර්ක් විදීය සහ චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදිකොට පවතින වසර 100කට වඩා පැරණි ගොඩනැගිලි 03ක පවත්වා ගෙන යයි.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඇතැම් අංශ කුලි පදනම මත ලබාගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යාමට සිදුව ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ පොලිස් මුලස්ථාන සංකිර්ණය මිරිහාන ප්‍රදේශයේ ඉදිකිරිමට 2012 වසරේ දි රජය තීරණයකර තිබුණ ද ඊට අදාළ පියවර ගෙන නොතිබීම හේතුවෙන් මෙලෙස පොලිස් මුලස්ථාන සංකිර්ණය අත්තිඩිය ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්