නව වසර ලැබූ දා ලෝ පුරා ලක්ෂ 4ක් දරුවන් උපදී- ලංකාවේ 882ක්

Picture of අසංක

අසංක

2020 නව වසරේ ජනවාරි පළමුවැනිදා ලොව පුරා දරුවන් 392,078 උපත ලබා තිබේ.

යුනිසෙෆ් සංවිධානයේ දත්ත වාර්තාවක් මේ බව අනාවරණය කරයි.

නව වසරේ පළමුවෙන් ඉපදුණු දරුවකු වන්නේ ෆීජි රාජ්‍යයේ මිටියෙලි ඩිජිටාකි ය.

ශ්‍රී ලංකාව තුළ නව වසර ලැබූ දා උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 882ක් බව ද යුනිසෙෆ් සංවිධානය පවසයි.

ලොව වැඩිම දරුවන් සංඛ්‍යාවක් උපත ලබා ඇත්තේ ඉන්දියාවේ ය.

ඉන්පසුව වැඩිම සංඛ්‍යාවේ පිළිවෙළින් උපට ලැබූ දරුවන් ලැයිස්තුව පහත දක්වා ඇත.

  1. ඉන්දියාව — 67,385
  2. චීනය — 46,299
  3. නයිජීරියාව — 26,039
  4. පකිස්තානය — 16,787
  5. ඉන්දුනීසියාව — 13,020
  6. අමෙරිකාව — 10,452
  7. කොංගෝව — 10,247
  8. ඉතියෝපියාව — 8,493

පසුගිය වසරේ පළමුවැනිදා උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 395,072කි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු වැනි දින උපත ලද දරුවන් සංඛ්‍යාත්මකව 3000කින් පමණ අඩු අගයක් ගනී.

නව වසරේ පළමුවෙන්ම උපත ලද ෆීජිහි බිළිඳා