නවතම පුවත්

නව සූර්ය විදුලි බලාගාර 20ක් ඉදිකෙරේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්,  නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී ..

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්,මෙය ක්‍රියාත්මක වන බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මේ අනුව එක් පැකේජයකට ප්‍රදේශ 04 ක් බැගින් අයත් වූ පැකේජයන් 5ක් යටතේ මෙම සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමට යෝජිතය. ඒ අනුව A පැකේජය යටතේ අනුරාධපුර, මාදම්පේ, වව්නතිව්, අතුරුගිරිය, බෙලිඅත්ත යන ප්‍රදේශයන්ගේද, B පැකේජය යටතේ බෙලිඅත්ත, හොරණ, පොලොන්නරුව, හබරණ යන ප්‍රදේශයන්ගේද, C පැකේජය යටතේ මාතර, ගාල්ල, මහියංගණය, වේයන්ගොඩ යන ප්‍රදේශයන්ගේද, D පැකේජය යටතේ අම්පාර, දෙනියාය, කොස්ගම, මතුගම ප්‍රදේශයන්ගේද, E පැකේජය යටතේ පන්නල, මහව, කුරුණැගල, කොළොන්නාව යන ප්‍රදේශයන්ගේද මෙම විදුලි බලාගාර ස්ථාපිත කිරීමට යෝජිතය. එම ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ වනවිට ජාත්‍යන්තර තරඟකාරි ලංසු ක්‍රමය අනුව ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ. ලංසු ඇගයීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් සහ තාක්ෂණික ඇගයිම් කමිටු පහක් පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති මිල නියම කිරීමේ කමිටුව විසින් ප්‍රසම්පාදනය යටතේ විදුලි ජනන ඒකකයක ඉහළම මිල තීරණය කර ඇති අතර තාක්ෂණික ඇගයීම් කමිටු ඉදිරිපත් කල නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රතිචාරාත්මක අවම මිල ගණන් දක්වන ලද ලංසුකරුවන් වෙත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට අනුමත කර තිබේ.

මෙම බලාගාර ඉදිකිරීම තුළින් ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් විශාල දායකත්වයක් හිමිවන අතර වසර 2023 වනවිට එම දායකත්වය 70% ක සීමාවට ගෙන ඒමේ ඉලක්ක සපුරා ගතහැකි බවද විදුලිබල අමාත්‍යවරයා පවසයි. එසේම ජනතාවට ස්ථිරසාර,ගුණාත්මක,අඛණ්ඩ මෙන්ම මිල අවම විදුලිබල සැපයුමක් ලබාදීම විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාගේ ද,සූර්යබල,සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ද සතු වගකීමක් සහ යුතුකමක් වන බව පවසන ඩලස් අලහප්පෙරුම මහතා, මෙවැනි පුනර්ජනනීය විදුලි උත්පාදනයන් තුළින් ජනතාවට වඩාත් සහනදායි සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයිද පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්