පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10) නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වෙනි සේනාවිධායකවරයා වන්නේ ඔහුය.
ගුණතිලක මහතාව පිළිගැනීමට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදී උත්සවයක්ද සංවිධානය කර තිබේ.
එම උත්සවය ඉතා චාම් සහ ගාමිභිරව පැවැත්වෙනු ඇතැයි විශේෂ කාර්ය බලකා තොරතුරු අනාවරණය කළේය.