නාගානන්දගේ නීතිඥධුරය වසර 3කට අත්හිටුවයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥ ධුරය වසර 03කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන මහත්වරුන්ගේ සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය නිකුත් කළේය.

2015 මැයි 23 වැනිදා එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුව සිටි වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට අපහාස වන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව පැවැති විභාගය අවසන් කරමින් අදාළ චෝදනාවලට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.