නවතම පුවත්

වින්ඩොව්ස් 10 ට අනතුරු ඇගවීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මිලියන 50ක් පමණ වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 පරිශීලකයන්ට මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අගවා ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද නිවේදනය කළේය.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 පරිශීලකයින් හට එම සමාගම විසින් පවසා ඇත්තේ නවතම KB4501375 යාවත්කාලීය යාවත්කාලීන කිරීම මගින් වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ පද්ධතියේ දුරස්ථ ප්‍රවේශ සම්බන්ධතා කළමනාකරු හොහොත් Remote Access Connection Manager (RASMAN) පරිගණක සේවාව ක්‍රියාත්මක නොවන බවයි.

මෙම සේවාව වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය සහිත ඔබගේ පරිගණකය අන්තර්ජාලයට VPN හරහා සම්බන්ධ කිරීමට උපකාරී වන පරිගණක වැඩසටහනක් වන අතර මෙය ක්‍රියාත්මක නොවීම නිසා වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ VPN යෙදවුම් භාවිතයට කිසිදු හැකියාවක් නොමැත.
මේ නිසා VPN භාවිතා කොට අන්තර්ජාලය තුල සිදුකිරීමට හැකි සියලුම කාර්යයන් කිරීමේ හැකියාව වැළකෙනු ඇතැයි ඔවුන් සදහන් කොට ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි .
ඔබගේ පරිගණකය වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ නවතම යාවත්කාලීන කරා දැන්ම යාවත්කාලීන නොකරන ලෙස දැනුවත් කරන බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙනුවෙන් රජීව් යසිරු කුරුවිටගේ ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන්ය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි