කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් එකගතාවයකට පැමිණ ඇත .
වරාය සම්භන්ධව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිවී ඇත .
සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර මේ ගැන අවසන් තීරණයක් ගන්නා බවය ..
මෙම සාකච්ඡාවට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ ජාතික සම්පත් රටට අහිමිවන කිසිදු තීරණයකට මෙම දේශපාලන පක්ෂ එකග නොවන බවයි.
අමාත්‍ය උදය ගම්මන්පිල සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා මුදල් සොයා ගැනීමට වෙනත් ක්‍රමවේද වෙත යොමු වීමට අවස්ථාව පවතින බවයි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්ව සිටියා. සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ ආයෝජනය නමින් වුවද සිදුවන ජාතික සම්පත් පවරා දීමකට කිසිසේත්ම එකග නොවන බවයි.