නැගෙනහිර පර්යන්තය “අදානි”ට දෙන්නේ නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට ලබාදෙන බවට වෘත්තීය සංගම් නගන චෝදනාවන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී .

එවැනි කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවත් , වෘත්තීය සමිති සිදුකල ප්‍රකාශයන් පදනම් විරහිත බවත් අමාත්‍යවරයා පවසයි .

නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ වියදමින් , වරාය අධිකාරිය සතු පර්යන්තයක් කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය .