නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික් සීමා පැනවේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
 කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණෙන් නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්මහත්මිය  තීරණය කර තිබෙ
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලට ලබාදි තිබේ. මීට අමතරව පලාතේ සියලු නගරවල වෙළදසැල් පස්වරු 06.00 න් පසු වසා දැමීමටත් අත්‍යවශ්‍ය කරුණකට හැරනේනට නගරවලට ඇතුලුවිම වැලැක්විමට පියවර ගන්නැයි ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශවලට ලබාදුන් නියෝග වල දැක්වේ.
මේ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්වලට මෙම සීමා පැනවෙන අතර මාර්ග බාධක යොදා මෙය ක්‍රියාත්මක කිරිමට නියමිතය.