නැතැයි කියූ එළවලු හදිසියේ මතුවේ ! ඉහල ගිය මිලත් පහත වැටේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ සිඝ්‍රයෙන් එළවළු තොග මිල අද (27) දින පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසයි

කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීමත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

ඉකුත් සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්,බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 450 – 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 – 200ත් අතර පහත වැටී ඇති බවයි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ.

එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පෙන්වා දේ

ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බවයි වෙළෙඳ ව්‍යාපාරිකයින් පෙන්වා දෙන අතර එළවළු මිල සිඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ඔවුන් සඳහන් කර සිටි.