නවතම පුවත්

නැවියන් 43ක් සහ ගවයන් 5,800ක් සමග වෙළෙඳ නෞකාව අතුරුදන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නැවියන් 43ක් සහ ගවයන් 5,800ක් සමග අතුරුදන් වූ වෙළෙඳ නෞකාවේ සිටි එක් නාවිකයෙකු බේරාගැනීමට  සෝදිසි මෙහෙයුම්වල නිරත වූ ජපාන වෙරළාරක්ෂක බලකාය ඊයේ (03දා) සමත් විය.

ඔවුන් පවසන පරිදි මෙම නෞකාව නැගෙනහිර චීන මුහුදේදී සිව්වැනි කාණ්ඩයේ මයිසාක් සුළි කුණාටුවට හසුව ඇති අතර, නෞකාවේ සිටි නාවිකයන් සහ ප්‍රවාහනය කළ ගවයන් සමග එය සාගරයේ සැඟව ගොස් ඇත.

සෝදිසි මෙහෙයුම්වල නිරත ජපාන වෙරළාරක්ෂක බලකාය රාත්‍රියේ ජලයේ පාවෙමින් සිටි එක් පිලිපීන ජාතික නැවියෙකු සොයාගෙන ඇති අතර, ඔහු පැය ගණනාවක් ජලයේ පාවෙමින් සිට ඇති බව කියැවෙයි. කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

අඩි 438ක් දිග වෙළෙඳ නෞකාවේ පිලිපීන ජාතිකයින් 39ක්, නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනා බැගින් සේවයේ නිරතව සිට ඇති අතර, නවසීලන්තයේ නේපියර් සිට චීනයේ ටැංෂාන් දක්වා යාත්‍රා කරමින් තිබී ඇති බව ජපාන, නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති. පැනමා ධජය සහිතව යාත්‍රා කළ නෞකාව අගෝස්තු 17දා නවසීලන්තයෙන් පිටත් වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්