පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානයේ සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට දෙපාර්ශවයෙන්ම යෝජනා වී ඇති බවද වාර්තාවේ.
මේ පිලිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලනිපය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ජාවක් අද (28) දින පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ලෙස නම්කිරීමට නියමිත මෙම සන්ධානයේ සෙසු තනතුරු බෙදී යන ආකාරය පිළිබඳවද අද දින පුළුල් ලෙස සාකච්ජා කිරීමට නියමිතව ඇත.
මෙම සන්ධානය ගොඩනැගීමට අදාළ ගිවිසුම ලබන 31 දින අත්සන් තැබීමට නියමිතය.