නවතම පුවත්

නියෝග කඩමින් විදෙස් මුදල් මාරු කරන ආයතන 4කට වැඩ වරදී

අසංක

අසංක

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කර ඇති මුදල් හුවමාරු නියෝග අනුගමනය නොකරන මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර බලපත් අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට මහබැංකුව විසින් එවැනි ආයතන පිළිබඳ සොයාබලමින් පවතී.

ඒ අනුව පහත ආයතන 4 විසින් මහබැංකුවේ මුදල් හුවමාරු නියෝග උල්ලංගනය කරන බවට අනාවරණය වීමත් සමඟ ඔවුන්‍ වෙත පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් නියමිත කාලසීමාවක් ලබාදී ඊට අනුගත වන ලෙස දන්වා ඇත.

එම ආයතන විසින් තවදුරටත් එම නියෝග උල්ලංගනය කළහොත් එම මුදල් හුවමාරු ආයතනවල බලපත් අහෝසි කරන බව මහබැංකුව නිවේදනය කර ඇත.

බැංකු විසින් මුදල් හුවමාරුකරුවන් හට ලබා දෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බව ද මහබැංකුව ජනතාවට දන්වා සිටී.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම්වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින අතර එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ අතරතුරදී, පහත දක්වා ඇති බලයලත් මුදල් හුවමාරු කරන්නන්, පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇත. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාල විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලදී.

  1. වෙන්නප්පුව, සුපිරි වෙළෙඳසැල් සංකීර්ණය, නො. 12 හි නිව් නටාෂා (පුද්.) සමාගම
  2. වෙන්නප්පුව, හලාවත පාර, නො. 157 හි ජෝර්ජ් මයිකල් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම
  3. කොළඹ 06, ගාලු පාර, නො. 55 හි රෝයල් මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම
  4. කොළඹ 06, ගාලු පාර, නො. 57 හි ප්‍රසන්න මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම

නිවේදන හරහා සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට, අදාල විධානයන්ට අනුගත නොවූ බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇත.

බැංකු විසින් මුදල් හුවමාරුකරුවන් හට ලබා දෙන අනුපාත වලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බව තවදුරටත් මහජනතාවට දන්වා සිටිනු ලැබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්