ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුසල් නියාස් මහතා විසින් PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහතාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සංඛේත වැඩ වර්ජනයක් ආරම්භකර තිබේ.
ගාල්ලේ දී ඊයේ(24) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා මේ බව පැවසීය.
නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට ඇති බවට ගාල්ල පොලිසියට ද පැමිණිළි කර තිබේ.
මින් ඉදිරියට ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නගරාධිපතිවරයා සමග පමණක් රාජකාරී කටයුතුවලට සම්බන්ධ වන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට තීන්දු කළ බවත් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා කීය.