කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබෙන නිරෝධායන නීති වහා ඉවත් කරන ලෙස ඉල්ලා අමෙරිකාවේ ප්‍රාන්ත රැසක ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර ඇත.
වීදි වලට රැස්ව මෙම අමෙරිකානු ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින්නේ රට සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරමින්, සිය රැකියා සහ ව්‍යාපාර කිරීමට ඉඩ දෙන ලෙසටය.
එරට වැඩිම කොරෝනා ව්‍යාප්තිය සහිත, නිවුයෝර්ක් නුවර ජනතාවද මේ වනවිට මග දෙපසට රැස්වෙමින් සිය නගරය විවෘත කරන ලෙසට විරෝධතාවක් සිදු කරමින් සිටි.
විරෝධතාකරුවන් විසින් ඉල්ලා සිටිනුයේ තමන්ට නැවතත් සිය රැකියා සහ ව්‍යාපාරයන්ගේ නිරත වීමට අවශ්‍ය බවත්, අමෙරිකාවේ ආර්ථිකය බිඳ වැටීමට ලබා දිය නොහැකි බවත්ය.
කෙසේ වෙතත් ජනතාවගේ මෙම මතයට අදාළ ප්‍රාන්ත වල ආණ්ඩුකාරවරුන් කැමැත්ත පළකර නොමැත , නමුත් ජනාධිපති ට්‍රම්ප් නම් ජනතාවගේ මෙම ඉල්ලීම් අනුමත කර ඇති බවද වාර්තාවේ