රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ මුදලක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ වනවිට සිය නිල නිවාස ආපසු භාර දී ඇත්තේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පමණක් වන අතර බහුතරයක් මෙතෙක් නිල නිවාස භාරදී නොමැති බව වාර්තාවේ.
නිල නිවාස භාර දෙන ලෙසත් එසේ භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවටත් දෙවැනි සිහි කැඳවීම් ලිපිය මේ වනවිට ඔවුන්ට යොමුකර ඇත.