කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 6ක් අද තහවුරු කරන ලද අතර පානදුර ප්‍රදේශයේ නිවසක මියගිය පුද්ගලයා වෛරසය ආසාදිතව මියගිය ලැයිස්තුවට එක්ව ඇත්තේ මීට දින 20කට පමණ පෙරය.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 409 කි.
අද වාර්තා වූ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ විස්තර පහත දැක්වේ.
01. පානදුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 ජනවාරි 27 වන දින නිවසේදී මීයගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
02. විලඔය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සිට කොචිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රීයවීමයි.
03. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර මූලික රෝහලේ
ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය නිසං ඇති වූ බහුවිධ සංකූලතාවයයි.
04. කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 09 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොචිඩි් ආසාදනය සමහ ඇති වූ ආඝාතයයි.
05. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 15 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, කොචිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු ආසංදනයයි.
06. නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 13 චන දින මීයගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොචිඩි නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව සහ අධිරුධිර පීඩනයයි.