නවතම පුවත්

නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

සිය නිවසේ සිටි මෙහෙකාරිය ගිනි ගැනීමෙන් මිය යාම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ දකුණ ළමා හා කාන්තා අපයෝජන ඒකකයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමට නියමිතය.

රිෂාඩ්ගේ බිරිදගේ මවගෙන් සහ පියාගෙන්ද නිවසේ සේවයේ නිරතව සිටින 19 වියැති මෙහෙකරුවෙකුගෙන්ද මේ වන විට පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

ඊට පෙර මිය ගිය මෙහෙකාරියගේ මව්පියන්ගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ඇත. එහිදී ඒ අය පොලීසියට සදහන්කර ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 18 වෙනිදා ඇයව බදියුදීන් මහතාගේ නිවසේ සේවයට රැගෙන ගිය බවය.

බදියුදීන්ගේ නැන්දණිය සහ මාමණ්ඩියගේත් බිරිදගේත් ප්‍රකාශවලින් පෙනී ගොස් ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් 18 වෙනිදා ඇය සේවයට පැමිණි ඇති බවය. ඇය මෙම නිවසේ සේවයට එන විට අවුරුදු 16 සම්පූර්ණ වී ඇතැයි තහවුරුවන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

පොලීසියේ විශේෂ අවධානයක් මේ වන විට යොමුවී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික සම්ප්‍රේෂණයක් වී ඇතැයි හෙළිවී තිබීම සම්බන්ධයෙනි. අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ ඇය අවුරුදු 12ත් 13 ත් අතර කාලයේ සිට ලිංගික සම්ප්‍රේෂණයක් සිදුවී ඇති බවකි.

මෙම නිවසේ මෙයට පෙර සේවයේ නිරතව සිට ඇත්තේ මිය ගිය මෙහෙකාරියව සම්බන්ධකර දුන් ඩයගම පුද්ගලයාගේ දියණියකි. ඇය විවාහ වීම සදහා මෙහෙකාර සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව මෙම මෙහෙකාරිය බදියුදීන්ගේ මහතාගේ නිවසේ සේවයට ඔහු සම්බන්ධකර දී ඇතැයි අනාවරණය වී ඇත.

ඉකුත් නොවැම්බරයේ සිට ඇය මිය යන තුරු කාලය තුල විටෙනන් විට ඇය මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගේ බැංකු ගිණුම හරහා ඇගේ දෙමාපියන්ට මුදල් ලබාදී ඇති බවද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. එසේ රුපියල් ලක්ෂ 02 ක පමණ මුදලක් ඇගේ දෙමාපියන්ට ලැබී තිබෙන බවද අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්