නවතම පුවත්

’නිවාඩු ගත කරන්නන්ගේ වඩාත් සිත්ගත් දූපත් 25 අතරට ශ්‍රී ලංකාවත් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව නිවාඩු ගත කරන්නන් අතර ප්‍රසිද්ධ “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ද තේරී පත්ව ඇත.

ලෝ ප්‍රකට ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) සඟරාව තේරූ හොඳම දූපත් 25 අතරට මෙරට ශ්‍රී ලංකාව‌ තේරී පත්ව ඇත.

ඇමෙරිකාවේ මාධ්‍ය සමාගමක් වන මෙරඩිත් සමාගම ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) ප්‍රකාශයට පත් කරන අතර ඔවුන්ගේ නවතම කලාපය සැප්තැම්බර් 8 වැනිදා ප්‍රකාශය‌ට පත් කරන ලදි.

මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව සමඟ සීෂෙල්ස් රාජ්‍ය ද 24 වැනි ස්ථානයට පත්ව ඇත. දෙරට ම ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 88.20 කි.

මේ වසරේ ජනවාරි 11 වැනිදා සිට මැයි මස 10 වැනිදා දක්වා පැවැති ඡන්ද විමසීමකින් පසුව මෙම රටවල් තෝරාගෙන ඇතැයි ට්‍රැවල්+ලෙෂර් සඟරාව සඳහන් කරයි. ලොවපුරා පැවැති කොවිඩ්-19 සංචරණවලින් බොහෝමයක් ලිහිල් කිරීමෙන් පසු එම ඡන්ද විමසීම පැවැත්වූ බව ද අදාළ සඟරාව සඳහන් කර ඇත.

පසුගිය වසර තුනක කාලයේ දී තමන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් අදහස් බෙදාගැනීමට ද මේ සඳහා පැවැති සමීක්ෂණයේ දී පාඨකයන්ට අවස්ථාව ලබා දී තිබිණි.

මෙම ලැයිස්තුවේ මුල් තැනට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් දූපතක් වන මිලෝස් දූපත යි. එම දූපතට හිමි ව තිබෙන ලකුණු සංඛ්‍යාව 95.50 කි.

ප්‍රධාන සහ හොඳම නගර, දූපත්, සුඛෝපභෝගී නෞකා, සම්භාහන මධ්‍යස්ථාන, ගුවන් ගමන් හා සේවා, යනාදී කරුණු රැසක් කෙරෙහි මෙහිදි අවධානය යොමු කර තිබේ. මුහුදු වෙරළ, ස්වභාවික ස්ථාන, නැරැඹිය හැකි ස්ථාන, මිත්‍රශීලී බව, ආහාර යනාදී තවත් කරුණු රැසක් කෙරෙහි මෙම සමීක්ෂණයේ දී සහ ඡන්ද විමසීමේදී අවධානය යොමු කර ඇත.

පෘතුගාලයට අයත් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්ස්, මැඩෙයිරා, ඉන්දියාවේ අන්දමන් දූපත්, ඉතාලියේ සිසිලි, තායිලන්තයේ කෝ සමුයි, ඉන්දුනීසියාවට අයත් බාලි, හවායි දූපත්, ගලපාගෝස් දූපත්, යනාදී දූපත් 25ක් මෙම ලැයිස්තුවට ඇතුළත් ය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්