නවතම පුවත්

නිවෙස් ප්‍රතිකාර ලබන රෝගීන්, දින14ක් , නිවසේම සිටිය යුතුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් තමන් ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක්  නිවසේ රැඳී සිටීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී .

දින 14 න් අනතුරුවත් , තමන්ට රෝග ලක්ෂණ පවතී නම් කිසිසේත් නිවසෙන් පිටතට නොයා යුතු බවත් එම රෝග ලක්ෂණ වර්ධනය වන බවක් දැනුනහොත් වහා රෝහල් ගතවිය යුතු බවත් සෞඛය අංශ  පෙන්වාදේ .

නිවසේ ප්‍රතිකාර ලබන රෝගියෙකු සුව වූ පසු නිවසේ රැඳී සිටිය යුතු අනිවාර්්‍ය දින ගණනක් ප්‍රකාශ කර නැතත් රෝග ලක්ෂණ පහව යාමෙන් පසුවද සති කිහිපයක් අනවශ්‍ය ලෙස වෙහෙසීමෙන් වැළකිය යුතු බවද  සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙ.

මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් දහස් ගණනක් වෛද්‍ය උපදෙස් මත නිවසේදී ප්‍රතිකාර ලබන අතර . එවැනි රෝගීන් සුව වූ පසු ඒ පිළිබඳ නිශ්චිත තහවුරුවක් ලබා ගැනීම සඳහා පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු නොකෙරේ . ඒ අනුව මෙසේ දින 14 ක කාලුයක් අවම ලෙස නිවසේ රැඳී සිටීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.මහතා මාධ්‍ය වෙත පැවසීය .

එවැනි තත්ත්වයක් තුළ නිවසේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු යළි බාහිර සමාජයට යා හැක්කේ කුමන කාල සීමාවකදීදැයි නිශ්චිතව නියම කර නැති මුත්  , සුව වීමෙන් පසුවත් හැකිනම් තවත් දින 14ක් නිවසේම රැඳී සිටීම වඩාත් ආරක්ෂා කාරී බවද ඒ මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්