නවතම පුවත්

නිසි අධ්‍යයනයකින් තොරව කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීම භයානකයි ! – WHO

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා විවිධ සමාගම් විසින් නිෂ්පාදනය කරන එන්නත් නිසි  අධ්‍යයනයකින් තොරව  මිශ්‍ර කර ලබාදීම අතිශය භයානක ප්‍රවණතාවයක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී .

අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවකදී , ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය මේ බව අවධාරණය කර ඇත .

ඇතැම් කොවිඩ් එන්නත්  මිශ්‍ර කිරීමෙන් හා සැසඳීමෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම පිළිබඳව තවමත් තිබෙන්නේ සීමිත තොරතුරු හා දත්ත ප්‍රමාණයක් බවත්, එම තොරතුරු හරහා එන්නත් මිශ්‍ර කර ලබාදීම ගැටලුවක් නොවන බව තහවුරු කරගත නොහැකි බවත් ස්වාමිනාදන් මහත්මිය අවධාරණය කර ඇත .

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිගයක් එකවරම ඇතිවීමත් සමග එම එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනුවට රුසියානු ස්පුට්නික් මාත්‍රාව භාවිතා කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබිණ. කෙසේ නමුත් එය කෙතරම් සාර්ථකද යන්න පිළිබඳව මේ දක්වා ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්