මේ දිනවල රටේ ඇත්තේ දැඩි මත්කුඩු හිගයකි. ඒ නිසා මත්කුඩු භාවිතා කරන්නන් විකල්ප මත්ද්‍රව්‍ය සොයා යති. ඒ අතර ඉතා සුළු පිරිසක් මත්කුඩු භාවිතය අතහැර දමති.
මෙහිදී විකල්ප මත්ද්‍රව්‍ය ලෙස වැඩි දෙනෙක් භාවිතා කරනුයේ වේදනා නාශක ඹෟෂධයි. එම ඹෟධෂ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඹසු සල්වලින් නිකුත් කරන්නේද නැත. එහෙත් ඇතැම් ඹසුසල් පස්සා දොරෙන් එවන් ඹෟෂධ නිකුත් කරන අවස්ථාද නැතුවා නොවේ. එහෙත් වෛද්‍යවරු මෙම ඹෟෂධ මත්ලෝලීන්ට අලෙවි කිරීමේ ඡාවාරම් ගැන නම් මෙතෙක් අපට අසන්නට ලැබුනේ නැත. එහෙත් දැන් එයද සිදුව අවසන්ය.
එම වෛද්‍යවරයා රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකි. ඔහු පානදුරේ පල්ලිමුල්ලේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යති. පදිංචිය ලෙස සැලකෙන්නේ පානදුර කොරකානේය. මේ වෛද්‍යවරයා රුපියල් 30 වේදනා නාශක පෙත්තක් මත්කුඩු ලෝලීන්ට සිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී අලෙවිකරන්නේ රුපියල් 300 කටය. සවස් කාලයට මෙම ස්ථානයෙන් පෙති ගන්න ලොකු පෝලිමක් ඇතැයි කියන්නේ මත්කුඩු භාවිතා කරන්නන්ගෙනි.
මේ ගැන විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පල්ලිමුල්ලට ඊයේ සවස සියල්ල නිරීක්ෂණය කළේයවෛද්‍යවරයාගෙන් පෙති මිලදී ගෙන පැමිණි තරුණයෙක් අතර මගින් අල්ලාගත්තේය. ඔහුගෙන් ප්‍රශ්න කළේය. අනතුරුව විශේෂ කාර්ය බලකාගේ සෙබලෙක් මත් ලෝලියෙක් ලෙස වෛද්‍යවරයා මුණ ගැසීමට ගියේය. ඒ ලොකු පෝලිිමක රැදී සිටීමෙන් අනතුරුවය. විශේෂ කාර්ය බලකා සෙබලාටද පෙති කිහිපයක් ලැබුණි. ඒත් එක්කම වෛද්‍යවරයාගේ දෑතට මාංචුද වැටුනේය. ඒ වන විටත් පෙති 22000 ක් ඔහු සතුව තිබුණේය. රුපියල් 30ට ඔහු ඹෟෂධ අලෙවි සැලකින් ලබාගත් ඒ 300 ගානේ අලෙවි කිරීමෙන් ඔහු ලබන ආදායම සුළුපටුද නැත. ඒ වන විටත් මත්වෙන්න පෙති ගන්න එහි පැමිණ සිටි මත්ලෝලීන් 20 කට වැඩි පිරිසක්ද විශේෂ කාාර්ය බලකා සෙබලු සිය භාරයට ගත්තේය. ඒ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ උදේ හවා මෙම වෛද්‍යවරයාගෙන් මත්වෙන්න පෙති ගන්නා බවය.
අත්අඩංගුවට ගත් මේ වෛද්‍යවරයාව ඉදිරි නීතිමය කටයුතු සදහා පානදුර උතුර පොලිස් ස්ථානයට භාරදීමට විශේෂ කාර්ය බලකාය පියවර ගත්තේය. මොහු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයටද පැමිණිලි කිරීමට වග බලා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.