නවතම පුවත්

බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙටින් (01) ඇරඹේ .

එහිදී පළමුවෙන්ම එන්නත් හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටය. එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ සඳහන් කළේ,ය

“බූස්ටර් එන්නත ලබාදෙන්නේ තමන්ගේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි. ඉස්සෙල්ලාම ලැබෙන්නේ රෝගීන් එක්ක ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට. ඒවගේම ගුවන්තොටුපොළ, වරාය, සංචාරක කර්මාන්තයේ සිටින අයටත්. ඊට පසුව අපි අවුරුදු 60ට වැඩි අයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසු 30ත් 60ත් අතර විවිධ රෝගාබාධ ඇති අයට. ඉන්පසුව අවුරුදු 20ට වැඩි සියලුම අයට අපි බූස්ටර් එන්නත ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවදුරටත් දිවයින පුරාම ක්‍රියාත්මකය.

මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 01 කෝටි 34 ලක්ෂ 60,092කි.

එය මෙරට ජනගහණයෙන් 62.5% ක අගයකි.

මේ අතර බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත ලබානොගත් යාචකයින් සඳහා කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව ඊයේ (30) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ වීථී, අලෝක සංඥා පුවරු අසල සැරිසරන යාචකයින් 541 දෙනෙකු පරීක්ෂා කර තිබුණි.

එහිදී කොවිඩ් එන්නත ලබානොගත් යාචකයින් 77 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ට එන්නත ලබාදීම සඳහා පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

ඉදිරියේදී ද බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබානොගත් යාචකයින් පරීක්ෂා කර ඔවුන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්