නවතම පුවත්

නීති විරෝධී ඉරාන / මුස්ලිම් විශ්වවිද්‍යාලයක් ගැන තොරතුරු හෙළිවේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉරානයේ අල් මුස්තාෆා නමැති විශ්වවිද්‍යාලයක් ඌව පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව පළාතේ පාසල්වල ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තාවේ.

මෙවැනි විශ්ව විද්‍යාලයක් තම අමාත්යංශය යටතේ ලියාපදිංචිවී නොමැති බවත් මෙය නීති විරෝධී අධ්‍යාපන ආයතනයක් වන බවත් ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන, මාර්ග වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දීල් තොණ්ඩමන් මහතා මේ පිළිබඳව මාධ්‍ය කල විමසීමකදී සඳහන් කර ඇත.

අරාබි භාෂාව, කුරාණය, ඉරාන දේශපාලන විද්‍යාව යන විෂයන් ඒ යටතේ උගන්වන බව තමන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වූ බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එසේම මෙම විශ්ව විද්‍යාලයට අදාළ වෙබ් අඩවියේ දැක්වෙන්නේ , විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසම යටතේ එය ලියාපදිංචි වී ඇති බවකි . නමුත් විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසම යටතේ එවැනි විශ්වවිද්‍යාලයක් නොමැති බව කොමිසමේ ප්‍රකාශකයකු අප වෙත සඳහන් කළේය.
මෙම විශ්ව විද්‍යාලය අවම වශයෙන් අධ්‍යාපන අමාත්ය්නාශයේ හෝ කිසිදු අකාරයකින් ලියාපදිංචි වී නොමැති බවටද තොරතුරු වාර්තාවේ.

දැනට සිසුන් 520 කට අධික සංඛ්‍යාවක් මෙහි ඉගෙනුම ලබන අතර , එහි ගුරු මණ්ඩලයේ පිරිසක් මෑතකදී ඉරානයේ පුහුනුවකටද යවා ඇති බව වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා