නවතම පුවත්

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් සක්‍රීය තත්වයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රෙයන් අද (24) අලුයම සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කළ බව ලක්විජය බලාගාරයේ කළමණාකරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසයි.

මේ අනුව නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙක හා තුන ජනන යන්ත්‍ර ක්‍රියාත්මකව ඇති බවත් එම ජනන යන්ත්‍ර මගින් මෙගොවට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට දීම සිදුව ඇති බව ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා වැඩි දුරටත් පවසයි.

කෙරවල පිටිය විදුලි බෙදාහැරිමේ මධ්‍යස්ථානයේ ඉකුත් 17 දින  සිදුවු හදිසි විදුලි බිද වැටිමත් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ සිසිලන පද්ධතිය  තාක්ෂණික දෝෂයකට ලක්විම එදිනම සිදුවිනි.

එම තාක්ෂණික දෝෂයත් සමග ලක්විජය බලාගාරයේ විදුලිය නිපදවිමද සම්පුර්ණයෙන් නැවති ගොස් තිබුනී.

ලක්විජය විදුලිය සැපයිම ඇනහිටිමත් සමග රටපුරා විදුලි කප්පාදුවක්ද සිදු කිරිමට විය.

කෙසේ නමුත් නැවත නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් 21 දින සවස වන විට ක්‍රියාත්මක කර ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට ජනන යන්ත්‍ර දෙකකින් විදුලිය නිශ්පාදනය අරඹා ඇති බවත් ඉතිරි ජනන යන්ත්‍රයද කඩිනමින් ක්‍රියාත්මක කිරිමට දේශීය ඉංජීනේරුවන් කටයුතු කරමින් සිටින බවයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්