නොවැම්බර් 15 පාසල් නිවාඩු දිනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට  තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශනය සඳහන් කරයි.‍ එමෙන්ම 14 වන දින සවස පාසල් වෙලාවෙන් පසුව අදාල පාසල් මැතිවරණ කොමිසට භාර දිය යුතුව ඇත.

ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ලේඛනයක් අධ්‍යාපන අමාතංශ්‍ය විසින් නිවේදනය කර තිබේ.