නෞකාවෙන් වූ හානිය සොයන්න ජගත් සංවිධානයෙන් විශේෂඥයින් !

xpress pearl
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය අධ්‍යයනය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් තිදෙනෙකු දිවයිනට පැමිණ ඇත
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, සමුද්‍රීය පරිසර විද්‍යාව පිළිබඳ මෙම විශේෂඥයින් දේශීය විශේෂඥයින් සමග එක්ව මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනයන් සිදුකරනු ඇති බවය

තව ද මෙම විශේෂඥයින් නෞකා සුන්බන් හේතුවෙන් සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් සහිත පිරිස් බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසී ය.

ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ මෙම විශේෂඥයින් දිවයිනට පැමිණ ඇත්තේ, මෙරට රජය සිදු කළ ඉල්ලීමකට අනුවය.