නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීම ඇරඹේ

xpress pearl
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටී

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය මාධ්‍ය වෙත  පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවය.

එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති   බවත් නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු බව ද ඇය මෙහිදී  සඳහන් කළාය.