නවතම පුවත්

පක්ෂ නායකයින් අද විශේෂ හමුවක්

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇත.

මෙම පක්ෂ නායක හමුව පැවැත්වෙන්නේ ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒම මගින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමකි.

එම ක්‍රමවේදය ගෙන එනවාට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී ඊයේ (17)කරුණු දක්වනු ලැබූහ.

අධිකරණ අමාත්‍යවරයා  සමග පැවති සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුව පැවැත්වීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් අදාල  පනත ගෙන එන ලෙසට රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

මෙරට ඡන්ද ව්‍යාපාරවලට මුදල් දෙන පාර්ශව හෙළි කරනවාට විරුද්ධ පක්ෂ නායකයන් එරෙහි වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකි බව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්