පන්තියෙන් එළියේ ක්‍රියාකාරකම් නොකරන්නැයි පාසල්වලට උපදෙස්

Picture of අසංක

අසංක

පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

විශේෂයෙන්ම ළමුන් ඒකරාශීවන අකාරයේ උත්සව හා රැස්වීම් සීමා කිරීම පිළිබඳව මෙහිදී අමාත්‍යංශය අවධානය යොමු කර ඇත.

ඒ සඳහා වන උපදෙස් පත්‍රිකාවක් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමු කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම උපදෙස් පත්‍රිකාව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත ලබා දෙනු ඇත