නවතම පුවත්

රටේ ජනතාවට නිදහසේ නිදාගන්න ගස්ගල් යට නිදාගනිපු අපේ හමුදාව බෝතල් කපලා කිරි කෝපි දෙන්නෑ- යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

අසංක

අසංක

රටේ ජනතාවට නිදහසේ නිදාගන්න එදා ගස් ගල් යට නිදා ගනිපු අපේ හමුදාව කිසි කලෙක ප්ලාස්ටික් බෝතල් කපා කිරි කෝපි දාලා දෙන්නෙ නැතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘ද කළම්බො එක්ස්ප්‍රස්’ කළ විමසීමේදී පැවැසීය.


කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී අවතැන්වන ජනතාවට පවා හැකි උපරිමයෙන් සැලකු ශ්‍රි ලංකා යුද හමුදාවට ඉතා සීමිත පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන්හි නිරතවීම පිළිබදව කණගාටුවට පත්වන බව හෙතම සදහන් කළේය.


කොරොනා වෛරසයෙන් රට ආරක්ෂා කිරීමට යුද හමුදාවෙන් ලබා දිය හැකි සියලු දායකත්වයන් මේ වනවිට ලබා දෙමින් සිටින බව යුද හමුදාපතිවරයා පැවැසීය.


ගුවන් තොටුපළට පැමිණෙන සීමිත කණ්ඩායමකට පමණක් නිරෝධායනය සීමා වී ඇතැයි ගෙනයන ප්‍රචාරයද අසත්‍ය බව කී යුද හමුදාපතිවරයා, නිරෝධායනය කළ යුතු යැයි දන්වා තිබෙන රටවල සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව විශ්වාසයෙන් පැවැසිය හැකි බව කීවේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා