නවතම පුවත්

‘පන්දාහ දෙන්න බැහැ’ පුද්ගලික අංශයේ හාම්පුත්තු කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10) සාකච්ඡාවකට කැඳවා තිබුණි.

එම සාකච්ඡාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන් අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැවතුනි.

මෙම සාකච්ඡාවේ දි අදහස් දැක්වූ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ පසුගිය සමයේදී මේ රටේ කර්මාන්ත හා සේවා අංශය බිඳ නොවැටී පවත්වාගෙන යාමට තමන්ට විශාල වශයෙන් අතිරේක මුදලක් වැය කිරීමට සිදු වූ බව ය.

එසේම අපනයන කටයුතු වල පැන නැගී ඇති විවිධ අපහසුතා නිසා මේ වන විට අපනයනයන් හි ආදායම ද පහත වැටී ඇති බවය.රේගු ගාස්තු වැඩිවීම,බහාලුම් පැමිණීමේ අඩුවීම්,නිෂ්පාදන වියදම් වැඩිවීම,අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම,රජය ලබාදුන් ණය සහන සීමාව මාර්තු මාසයේදී අවසන් වීම,බැංකුවල කරන අධික පොලි ගැටලුව වැනි කාරණා නිසා මේ වන විට මෙරට කර්මාන්ත හා සේවා අංශය බරපතළ ආර්ථික අර්බුදයක හිර වී ඇති බව මෙහි දී අදහස් දැක්වූ සේවය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතා පෙන්වා දුන්නේය.

මෙහි දී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පවතින ආර්ථික අපහසුතා තත්ත්වය මත පෞද්ගලික අංශයේ සේවකයන්ට කිසියම් ආකාරයක දීමනාවක් පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීමට කටයුතු කරන ලෙසයි.පවතින තත්වය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් සේවකයා මෙන්ම හාම්පුතුන් ද ආරක්ෂා කරගත යුතු යන්න ඇමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.එම නිසා මෙහි දි ඉදිරිපත් වූ කරුණු පොදු ලියවිල්ලක් මගින් තමාට ලබා දෙන ලෙසත් එය අමාත්‍ය මණ්ඩල සංදේශය ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බව ඇමැතිවරයා මෙහි දී පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි