නවතම පුවත්

පපුවේ සහ ආමාශයේ රෝග වලට යොදා ගන්නා ඖෂධයක් කොරෝනා වලට සුදුසුදැයි පරික්ෂණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පපුවේ හා ආමාශයේ ආම්ලිකතාවයට ලබාදෙන ඖෂධ වර්ග කොරනා වෛරස රෝග තත්වයන් පාලනය කිරීමටද යොදාගත හැකිදැයි සොයා බැලීම සඳහා ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මේ වනවිට විශේෂ පර්යේෂණයක් ආරම්භ කර ඇත .

මේ අනුව ආරම්භයක් ලෙස Famotidine නම් ඖෂධ වර්ගය , යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකිරීමට එම වෛද්‍යවරුන් කටයුතු යොදා ඇති අතර එහි ප්‍රතිඵල ලබන සතිය වනවිට ලැබීමට නියමිතව ඇත.

මෙම පර්යේෂණය ක්‍රියාත්මක කර ඇති විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය කෙවින් ට්‍රේසි මහතා සඳහන් කර ඇත්තේ පුද්ගලයින් 1200 ක පමණ පිරිසක් යොදාගෙන මෙම අත්හදාබැලීම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි..

වෙනත් රෝගයකට ලබාදෙන ඖෂධයක් ඊට වෙනස්වූ තවත් රෝගයකට ප්‍රතිකාරයක් වූ අවස්ථා ඕනෑතරම් ඇති බවත් ඒ අනුව මෙම ඖෂධය හරහා යම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ට්‍රේසි මහතා එරට සී එන් එන් මාධ්‍ය පුවත් සේවය වෙත සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්