මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තවත් මාස හයක් බැඳුම්කර වෙළඳපොල තහනම් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන ඇත.
බැඳුම්කර ගනුදෙනුව සම්භන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.