නවතම පුවත්

ට්‍රම්ප්ගේ හිස ගෙනාවොත් ඩොලර් මිලියන 80ක්

අසංක

අසංක

ඉරාන විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරාන ජනතාව සූදානම්වේ .

ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් මේ බව ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටී.

මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට ජනාධිපති ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ලබා දීමට සුදානම් විය යුතු බවද මෙහිදී රැස්ව සිටි ජනතාව ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.


මේ අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිවේදනය කර ඇත.. නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය සීමා කිරිම සදහා ඒවායේ නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපමුනවන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්