නවතම පුවත්

පරිසර දිනයේ නාවික හමුදාවෙන් සෙබාදමට ඉඩක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 ජුනි මස 05 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර තිබේ.
“ජෛව විවිධත්වය – සොබාදහමට ඉඩක්” යන්න තේමා කර ගනිමින් මෙවර පැවැත්වෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් උතුරු නාවික විධානයේ සියළුම නාවික හමුදා කඳවුරු ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහන් මාලාවක් පැවැත්විණි.
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් සඳහා උතුරු නාවික විධානයේ නාවික කඳවුරු භාර අණදෙන නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වුහ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක නීල හරිත පාරිසරික සංග්‍රාමයේ තවත් එත් අධියරක් වශයෙන් මෙය පැවැත්විණි. වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙන්ම තිරසාර සංවර්ධනය වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ලෝක පරිසර දිනයට සමගාමීව නාවික පුද්ගලයින්හට දැනුම ලබා දීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය විය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්