පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක විය හැකි නව ඒකකයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත්ව ඇත .
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත .
එම නව ඒකකකයට පරිසර, වනජීවි, වන සංරක්‍ෂණ, මහජන ආරක්‍ෂාව සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන් ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා යෝජනා කර ඇත .
ඊට සමගාමීව මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කළ යුතු බව ද එම උපදේශක කාරක සභාවේ තීරණය වී ඇති අතර . පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වැළැක්වීම හා ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම එම ඒකකයෙන් සිදුවන බව යෝජනාවේ දැක්වේ .
අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී, දිවයින පුරා මතු වී තිබෙන පරිසර ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවද වාර්තාවේ .