ඉදිරි වසර 5 ක කාලය තුළ දී පවතින බදු ක්‍රමය ස්ථාවරව පවත්වා ගෙන යන බවත්, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, මිත්‍රශීලී බදු තන්ත්රයක් වර්තමානයේ දී ලබා දී ඇති බවත්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කර සිටී .
. අද (23) දින කොළඹ දී පැවති ආර්ථික සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා,
“අපි හඳුන්වා දුන් බදු ක්‍රමය වෙනස් නොකරන බවට අපි සහතික වෙනවා. ඉදිරි වසර 5 සඳහා වැට් බද්ද සියයට 8 යි. ආදායම් බද්ද, ගැසට් කර ඇති අනුපාතයයි. වෙනත් කිසිදු බද්දක් ගෙන එන්නේ නැහැ. අපට, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, අනුකූල, මිත්‍රශීලී බදු තන්ත්රයක් අවශ්‍ය වන අතර එය අප ලබා දී තිබෙනවා. බදු ආදායම ඉහළ නංවා ගැනීමට නම් පිරිවැටුම්, පරිමාව ඉහළ නංවා ගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගත යුතුයි. බදු ආදායම වැඩි කර ගැනීමට නම් කළ යුත්තේ එයයි. “