පවිත්‍රාට , ජීවන්ට ඇමතිධූර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

මේ අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දෙනු ලැබුවා.